කූල් කළ ජල බෝතල් වැඩි මිලට විකුණුවොත් වැඩ වරදියි


 කිසියම් ආයතනයක අනුමැතියකින් හෝ විශේෂ ශීතකරණයක තබමින් පානීය ජල බෝතල් වැඩි මිලට විකිණීම නීති විරෝධී බව පාරිභෝගික අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ව්‍යාපාරිකයන් විසින් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඇතිව හෝ වෙනත් යම් ආයතනයක අනුමැතියක් ඇතැයි සඳහන් කරමින් ශීත කළ පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවි කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි.


එලෙස පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවි කිරීම වරදක් බවට පෙන්වාදෙන සභාපතිවරයා පවසන්නේ, පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් නියමිත මුදලට පමණක් පානීය ජල බෝතල් අලෙවි කරන ලෙසයි.


අධිකාරිය වෙත පානිය ජල බෝතල් මිල සම්බන්ධයෙන් නොයෙකුත් පැමිණිලි ලැබී ඇති අතර, පසුගිය දිනකදී උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කළ ව්‍යාපාරිකයෙකුට එරෙහිව විශාල දඩ මුදලක් නියම කර තිබෙනවා.

එමෙන්ම, ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ රට පුරා 12,982 වැටලීම් සිදුකර ඇති බවද ඔහු කියා සිටියා.


✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post