ජා-ඇල පොලිස් වසමේ තුඩැල්ල හා කුඩහපොල දුම්රිය ස්ථානය අතර දී අද (21) උදෑසන දුම්රියේ ගැටී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා දුම්රිය මගෙහි ගමන් ගනිමින් සිට ඇති අතර දුම්රිය පැමිණිමත් සමග දුම්රිය මාර්ගයෙන් බැහැර වුවද දුම්රියේ ඔහු ගැටී තිබේ.
මෙහිදී මොහුගේ හිසට බරපතල තුවාල සිදුවී එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය පුද්ගලයා අංක 92 ජොසිටාවත්ත ඒකල ජා-ඇල පදිංචි කේ.එම්.රසාංග සිල්වා නැමති අයකු බව පොලිසිය හදූනාගෙන ඇත.
මියගිය අයගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
Ada derana news
Redirecting in a moment...
Tags:
News