කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහ වැලි පිරවූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (27) උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කුලියාපිටිය පොලිසිය පවසන්නේ.
ඒ අතර පාසල් වෑන් රථ රියදුරා ද සිටින බවයි වාර්තා වෙන්නේ.
තවත් පාසල් සිසුන් 13 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
Redirecting in a moment...
Tags:
News




