(සුරංග රාජනායක)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී නාවලපිටිය කනිෂ්ඨ බාලිකා විද්‍යාලයේ ශාලා අංක 1 දරුවන්ට පළමු ප්‍රශ්න පත්‍රය පැය කාලක් පමාකර දී පැය කාලක් කලින් එකතු කර අසාධාරණයක් සිදු කර ඇතැයි පවසා මව්පියෝ පිරිසක් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ගම්පොළ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු වගකිව යුතු නිලධාරීන්ට පැමිණිල්ලක් අද භාරදුන්හ.
මෙම විභාගය පෙරවරු 9.30 ට ආරම්භ කර දෙවන ප්‍රශ්න පත්‍රය ගැටලුවක් නොමැතිව පැවැත්වුවද එහි දෙවන භාගයේ දුන් පළමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.15 ට දිය යුතු වුවත් එහි ප්‍රධාන ශාලාව වූ ශාලා අංක එකෙහි දරුවන්ට එම ප්‍රශ්න පත්‍රය පැය කාලක් පමා වී පෙරවරු 11.30 ට දී ඇති බව දෙමාපියෝ පවසති.
ඉන්පසු නියමිත ආකාරයට පස්වරු 12.15 ට එහි උත්තර පත්තර එකතුකර ඇති අතර එයින් මෙම ළමුන්ට පැය කාලක් අහිමිව ගොස් ඇති බව ද දෙම්පියෝ කීහ.
Redirecting in a moment...
Tags:
News

