යතුරුපැදි අනතුරින් තරුණයෙක්ට දිවි අහිමිවෙයි


 මත්තේගොඩ පොලිස් වසමේ 342 මාර්ගයේ සල්ගස් හන්දිය ආසන්නයේ දී සිදුවු මාරක අනතුරකින් තරුණයෙකුට දිවි අහිමි වී තිබේ.

කොට්ටාව දෙසට ගමන් කළ යතුරුපැදියක් ඉදිරියෙන් ආ බස් රථයක ගැටී මාර්ගයේ පෙරළී ගොස් එම අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් 30 හැවිරිදි දේවින්ද රුක්ෂාන් නැමති තරුණයා බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්වුණි.

අනතුර සම්බන්ධයෙන් බස් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්තේගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

එම අනතුර සිදුවන අයුරු අසල තිබු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.





Ada derana news

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post