ලෝක බැංකුවට සම්බන්ධ World Bank Group නමැති ආයතනයට අනුව, දරිද්‍රතාවට එරෙහිව සටන් කිරීමට සහ සමෘද්ධිය කරා යාමට ඇති ස්ථිර ම මාර්ගය රැකියාවක නිරත වීම ය. එහෙත්, ඔවුන් විසින් මෑතකදී සිදු කරනු ලැබ ඇති පුරෝකථනයක් අනුව, එය අභියෝගයට ලක් වෙමින් පවතින බව පෙනී යයි.
ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ, ඉදිරි දශකය තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන් බිලියන 1.2ක් වැඩ කරන වයසට (ශ්‍රම බළකායට) පැමිණෙන නමුත් වත්මන් තත්ත්වය අනුව ඉදිරියට යන්නේ නම්, රැකියා නිර්මාණය වන්නේ මිලියන 420ක් පමණක් බව ය.
කඩිනම් පියවර නොගතහොත් මිලියන සංඛ්‍යාත තරුණ තරුණියන් ඉන් බලපෑමට ලක්ව ඔවුන්ට ඇති අවස්ථා සහ බලාපොරොත්තු අහිමි වන බවටත්, ඉන් සමාජ ස්ථාවරත්වයට සහ ආර්ථික වර්ධනයට පුළුල් බලපෑම් ඇති වනු ඇති බවටත් World Bank Group අනතුරු අඟවා තිබේ.
එබැවින්, ගෞරවණීය ජීවනෝපායන් පෝෂණය කරන සහ ජනතාව නැවත දරිද්‍රතාවට තල්ලු කළ හැකි කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන, ඵලදායී රැකියා නිර්මාණය කරන, පෞද්ගලික අංශය මෙහෙයවන ආර්ථික වර්ධනයක් ඇති කර ගැනීම සඳහා කඩිනමින් ක්‍රියා කිරීම ඉතා වැදගත් බව ඔවුහු පෙන්වා දෙති.
BBC NEWS
Redirecting in a moment...
Tags:
News
