පුංචි දියණියට මරු කැඳවූ රිය අනතුර


 සීගිරියම දිගම්පතහා මාර්ගයේ යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටී සිදු වූ අනතුරින් එහි ගමන්ගත් වයස අවුරුදු තුන හමාරක් වූ සිඟිති දියණියකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි සසිත්මි නෙහන්සා අළුවිහාරේ නම් වූ දැරියකි.

යතුරුපැදිය පැදවූ මිය ගිය දියණියගේ පියා ඇයව ඉදිරි පස කොටසේ තබාගෙන ධාවනය කර ඇති අතර මෝටර් රථයක පිටුපස යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

යතුරුපැදිය මෝටර් රථයේ ගැටීමත් සමඟ ඉදිරියේ සිටි දියණිය මාර්ගයෙන් ඉවතට විසි වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.  

සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථ රියැදුරු හා මෝටර් රථය පොලිස් භාරයට ගත් බව සීගිරිය පොලිසිය පැවසුවේය.

දියණියගේ මව සීගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන බවත් ඇය වැඩ අවසන් කර නිවෙසට කැඳවාගෙන ඒම සඳහා ගිය අවස්ථාවේ මෙම අනතුරට මුහුණ දී ඇති බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ තමන් දියණිය සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී ඉදිරියෙන් ගමන් ගත් මෝටර් රථය එකවර ප්‍රධාන මාර්ගයේ නැවතීමත් සමඟ තමාට යතුරුපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මෝටර් රථයේ ගැටුණු බවය.

අනතුර සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.


Ada Derana 

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post