මහව පොලිසියේ පැමිණිලි පොත සපා කෑ තරුණයෙකුට ඇප.!


 පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීමට මහව මූලස්ථාන පොලිසියට පැමිණ පොලිස් සටහන් පොතේ කොළ දෙකක් ඉරා කටේ දමා සපාකෑ බව කියන සිද්ධියකට අදාළ පැමිණිලිකරුවෙක් ඇප මත මුදා හැරීමට මහව මහේස්ත්‍රාත් අධිකරණය (27) නියෝග කර තිබේ.

මහව, පොල්කටුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකු මෙසේ ඇපමත මුදා හැර තිබේ.

සිදුවීමෙන් පසු අදාල සැකකරු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ රජයේ දේපළවලට අනර්ථයක් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසනවා.

තමන්ට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකුගේ නම් ඉදිරිපත් කරමින් පැමිණිලිකරු මහව පොලිසියේ විවිධ පැමිණිලි අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසයි.

එහිදී පළමු දින පැමිණිලිකරු පොලිසියට පැමිණ නැති අතර සිද්ධියේ අනෙක් පාර්ශ්වයේ දෙ‍ෙදනාට අවවාද කර ප්‍රකාශ සටහන් කර මුදා හැරීමට පොලිසිය කටයුතු කර ඇත.

මේ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පැමිණිලිකරු තමන්ට මෙම පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන යායුතු නැති බවත් එය ඉවත් කර ගත යුතු බවත් ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව පොලිසිය එම පැමිණිල්ල අවසන් කර තිබේ.

පසුව නැවතත් තමන්ට මෙම පැමිණිල්ල විභාග කළ යුතු බවට සැකකාර පැමිණිලිකරු පොලිසියට පැමිණ පවසා ඇති අතර, ඒ අනුව එම ස්ථානයට පැමිණි සැකකරු පොලිස් පොත බැලීමට අවශ්‍ය බව කියා එහි පිටු දෙකක් ඉරා සපාකා ඇතැයි වාර්තා වේ.



✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post