සුදාට කට නිසා වැඩ වරදී! ලොකු නඩුවක් වැටෙයි!


 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට අනාවැකි පලකල යුටියුබ් කරුවෙකු වන සුදන්ත ලියනගේට එරෙහිව ලබන සතියේ අධිකරණයේ නඩු පැවරීමට නීතිඥ කණ්ඩායමක් තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.


රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට අධිකරණය තීන්දුව ලබාදීමටත් පෙර ඔහු විසින් එම තීන්දුව කල් තියා ප්‍රකාශයට පත් කළේ කෙසේ ද යන්න ප්‍රශ්න සහගත බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.


අධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුව කල් තියා සුදන්ත ලියනගේට ලැබුණේ කුමන පාර්ශවයකින්ද යන්න පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකොට ඒ පිළිබඳව සත්‍ය රටට හෙළි කර ගැනීම මෙහි අරමුණ වී තිබේ.


සුදන්ත ලියනගේ විසින් සිදුකර ඇති අනාවැකියෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් එල්ල කර අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට ඔවුන් චෝදනා කරනවා.


TODAY NEWS LK


Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post