මාවනැල්ල පොලිස් වසමේ ගැඩැබ්බ, ගල් අතර ලිපිනයේ පදිංචි තරුණියක් 2025.07.28 වන දින සිට අතුරුදහන් වී තිබෙනවා.
ඒ අනුව ඉහත ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඔහුගේ දියණිය නිවසින් යාමක් සම්බන්ධව මාවනැල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කරමින් පවතී.
ගල්අතර, ගැඩැබ්බ, මාවනැල්ල ලිපිනයේ පදිංචි එදිරිසිංහගේ තරුෂි සෙව්වන්දි දිසානායක නැමැති වයස අවුරුදු 21ක් වන මෙම තරුණියගේ ඡායාරූපයක් ද පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
තරුණිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක මඟින් දැනුවත් කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.දුරකථන අංකය – 071- 8591418 (මාවනැල්ල පොලිස් ස්ථානාධිපති)
Redirecting in a moment...
Tags:
News

