බැකෝ සමන්ගේ බිරිඳ කටුනායකදී අත්අඩංගුවට

 ඉන්දුනීසියාවේ ජකර්තා නුවර දී අත් අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් අතර සිටි බැකෝ සමන් නැමැත්තාගේ බිරිඳ 08/29 දින පස්වරුවේ  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

30 හැවිරිදි සජිකා ලක්ෂානි පත්තිනිගේ මෙසේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබේ . ඇයගේ තුන් හැවැරිදි දියණියද පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

 ඔවුන් 08/29 දින පස්වරු 05.50 ට ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් පසුව ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් යානය වෙත ගොස් ඇය  ගෙන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පමුණුවා නිශ්කාශන කටයුතු සිදු කර ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ප්‍රකාශ සටහන් කර ගැනීමට භාර දී තිබේ .


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post