සහනදායී මිලකට Campa සිසිල් බීම ශ්‍රී ලංකීය වෙළඳපොළට හඳුන්වා දෙයි


 ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ වෙලදපොළ ආයතනයක් වන, Ceylon Cold Stores සමාගම, Reliance Consumer Products Limited (RCPL) සමඟ හවුල්කාරිත්වයකට එළඹෙමින්, ජනප්‍රිය Campa සිසිල් බීම සන්නාමය අගෝස්තු 12 දින ශ්‍රි ලංකාවට හඳුන්වා දෙයි. මෙම හවුල්කාරිත්වය ආයතන දෙක අතර සබඳතාවයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, පසුගිය වසරේ Reliance සමූහය හරහා එලිෆන්ට් හවුස් පාන වර්ග ඉන්දියානු වෙළඳපොළට සාර්ථකව හඳුන්වා දීමේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙය ගොඩනැගේ.

Campa සන්නාමය හඳුන්වාදීමත් සමඟ, ශ්‍රි ලාංකීය පාරිභාගිකයින්ට උසස් තත්ත්වයේ, දැරිය හැකි මිලකට පාන වර්ග ලබාදෙමින්, වෙනස්වන රුචිකත්වයන් සහ අපේක්ෂාවන් සපුරාලීමටත්, නවෝත්පාදනය තුළින් පාරිභෝගික ආකර්ෂණය දිනාගත් පානයක් බවට පත්වීමටත් මෙම හවුල්කාරිත්වය අරමුණු කරයි.

මෙම හවුල්කාරිත්වය පැරණි මතකයන් සහ වර්තමාන අවශ්‍යතා ඒකාබද්ධ කරන නිෂ්පාදන ලබාදෙමින්, නව රසයන් සොයන පුළුල් පාරිභෝගික පිරිසකට ළඟා වීමට බලාපොරොත්තු වේ. දේශීය සිසිල් බීම කර්මාන්තයට මෙම නව එකතුවත් සමඟ, දැරිය හැකි මිලකට උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන් අතට ලබාදීමේ අරමුණ යළි තහවුරු කරමින්, මෙම සමාගම් ද්විත්වයට තම හැකියාවන්, සහ ක්‍රියාත්මක කිරීම් තුළින් වෙළඳපොල වර්ධනයට දායක වනු ඇත.

Campa සන්නාමය යටතේ සිසිල් බීම විශේෂයන් ලෙස, Campa Cola, Lemon, Orange සහ Campa NRG Gold Boost හා Berry Kik යන ශක්තිජනක පානයන් ද ඇතුළත්වේ. ආකර්ෂණිය ඇසුරුම් වලින් යුක්ත මෙම පාන වර්ග, පැරණි මතකයන් යළි අවදි කරන රසයන් හා තාරුණ්‍යයේ ජවය මුසු කරයි. Campa වෙළදනාමය අධිෂ්ඨානයේ සහ උත්සාහයේ සංකේතයන් මුසුකර ගනිමින්, වත්මන් තරුණයින් ඉලක්ක කරයි. මිලිලීටර් 250 බෝතලයක් රුපියල් 100ක් වැනි තරඟකාරී මිලකට ලබාදෙන මෙම පාන වර්ග, දෛනික ප්‍රබෝධමත් අවශ්‍යතා සඳහා උසස් තත්ත්වය සහ වටිනාකම් එක් කරයි. මෙම හවුල්කාරීත්වය, උරුමය, නවෝත්පාදනය හා විශාලත්වය මුසුකොට, Campa වෙළද නාමය ශ්‍රි ලංකාවේ ස්ථාපිත කිරීමට ශක්තිමත් පදනමක් සපයයි.

Today News LK

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post