12 වැනි ලෝක රූ රැජින තරගාවලිය සඳහා ටිෂානි දිවයිනෙන් යයි


 තායිලන්තයේ පැවැත්වෙන 12 වැනි ලෝක රූ රැජින තරගාවලියට (Miss Grand International – 2025 ) සහභාගී වීම සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටිෂානි පෙරේරා මෙනෙවිය අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියාය .

ලෝකයේ ප්‍රධානතම රූ රැජින තරගාවලියක් වන මෙම තරගාවලියට ලෝකයේ රටවල් 100 කට අධික ප්‍රමාණයක රූ රැජිනියන් සහභාගී වන අතර එය 09/30 දින සිට 10/18 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිතය .

ටිෂානි පෙරේරා අද අලුයම 01.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගියාය .

ටිෂානි පෙරේරා ඉකුත් 09/24 දින ගල්කිස්ස මහ හෝටලයේ පැවැති ශ්‍රී ලංකා රූ රැජින  අවසාන  මහා තරගයෙන් ජයග්‍රහණය කර තිබූ අතර ඇය ජාත්‍යන්තර වෙළදාම සහ කළමනාකරණය පිළිබද මෙරට විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන සිසුවියකි

ඇයට සුභ පැතීම සදහා ටිෂානි පෙරේරා ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් මෙන්ම මෙම රූ රැජින තරගාවලියේ ශ්‍රී ලංකා සංවිධායක සහ ජාතික පුහුණුකරු රුක්මාල් සේනානායක මහතා ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .






Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post