රැඳවුම් නිවාසයෙන් ළමුන් 15ක් පැන ගිහින්


 පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මාකොළ බාලක රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින පිරිමි ළමුන්ගෙන් ළමුන් 15 දෙනෙකු පැන ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි.


මේ ළමුන් විවිධ අපරාධ සම්බන්ධව චෝදනා ලැබ අධිකරණ නියෝග මත රඳවා තිබෙන අය වන අතර ඔවුනට එරෙහිව මහර කොළඹ, මාලිගාකන්ද හා කඩුවෙල ඇතුළු අධිකරණ ගණනාවක නඩු විභාග වෙමින් පවතින බවද පොලිසිය සදහන් කරයි.


මේ ළමුන් බස්නාහිර පළාතේ විවිධ ප්‍රදේශවල ළමුන් වන අතර ඔවුන් වයස අවුරුදු 16 හා 17 වන වියේ පසුවන්නන් වන බවද පොලිසිය කියයි මේ රැඳවුම් නිවාසයේ ළමුන් 52 දෙනෙකු සිටිති.


මේ ළමුන් පසුගිය ( 27 ) වැනිදා රාත්‍රී 12 ට පමණ රඳවා සිටි කාමර දෙකක ජනේලයක් හා දොරක ඉබි යතුරු කඩා පලා ගොස් තිබෙන අතර එහි මුර සේවයේ දෙදෙනෙකු සේවයේ නිරතව සිටි බවත් පොලිසිය කීය.



✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post