ලැප්ටොප් පරිඝනකයක් ගෙනැවිත් නොදුන්නැයි සිත් තැවුලට පත් වයස අවුරුදු 16ක සිසුවෙකු තම නිවසේදී ගෙල#වැල ලා සියදිවි හා#ණිකරගෙන ඇතැයි කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් ආරංචි කියයි.
මෙලෙසින් ජීවිතක්‍ෂයට පත්ව තිබුණේ කුලියාපිටිය කලූගමුව ප‍්‍රදේශයේ පදිංචිව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ 10වැනි ශ්‍රේණියේ ඉගනුම ලබමින් සිටි සනුක රන්දිනු සත්කුමාර ශිෂ්‍යයායි.
අදාළ සිසුවා තමන්ට වෙනමම ලැප්ටොප් පරිඝනකයක් අවශ්‍ය බව පවසා ඇති බවත් එහිදී මව විසින් එය දින කිහිපයක් ප‍්‍රමාද කොට ලබාදෙනබව පවසා ඇති බවත් පවසා ඇති බවට තොරතුරු හෙළිව ඇත.
ඉන් කෝපයට පත්ව ඇති සිසුවා සිය නිවසේදීම ගෙල වැලලාගෙන ඇති අතර කඩිනමින් රෝහල් ගතකිරීමට නිවැසියන් කටයුතු සිදුකොට තිබිණ. කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ පුතෙකදු වූ මියගොස් තිබෙන සිසුවා වහාම දැඩි සත්කාර එ්කකයේ ප‍්‍රථිකාර සඳහා ඇතුළත් කර ඇති අතර එහි ප‍්‍රථිකාර ලබමින් සිටියදී සනුක සිසුවා ඊයේ (10දා) ජීවිතක්‍ෂයට පත්ව ඇති බව රෝහල් ප‍්‍රකාශකයෙකු පැවසීය.
සනුක යනු අධ්‍යාපනයට ඉතාමත් දක්‍ෂ හා කීකරු සිසුවෙකු බවත් එවැනි සිදුවීමකට කිසිදිනක සනුක වැනි දරුවෙකු මුහුණදේවි යැයි කිසිවිටකත් විශ්වාස කළ නොහැකි බවත් රෝහලට එක්රැස්ව සිටි පිරිස පැවසීය. කිසිදු උපදෙසක් ලබාදිය නොහැකි තරමට සිසුන් වයසේ දරුවන්ගේ මානසිකත්වය ඉතාම බිහිසුනු තත්වයකට පත්ව ඇති බවත් වහාම එ් ස`දහා සිසුන්ට නිරන්තර මාර්ගෝපදේශන සිදුකිරීම වැදගත් බවත් එම ස්ථානයට පැමිණ සිටි දෙමාපියන් ගුරුභවතුන් පැවසීය.
කුලියාපිටිය දිනේෂ් උපේන්‍ද්‍ර
✅✅✅✅✅