ඇල්ල බස් අනතුරෙන් පසු මුදාගැනීමේ මෙහෙයුම්වලට යුද හමුදා සාමාජිකයින් 200ක්


 ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව ආසන්නයේ දී ඊයේ (04 ) රාත්‍රීයේ සිදු වූ බස් අනතුරින් පසු, අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා යුද හමුදා සාමාජිකයින් 200කට ආසන්න පිරිසක් යෙදවූ බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසනවා.

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් පරිදි විජයබා පාබල රෙජිමේන්තුව, ගැමුණු හේවා බලඇණිය හා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සාමාජිකයින් මෙම මෙහෙයුම සඳහා එක්කර තිබූ බවයි වාර්තා වන්නේ.

බස් රථය ප්‍රපාතයෙන් පහළටම ගොස් නතර වී තිබූ ස්ථානයේ සිට කිලෝමීටර් භාගයක් පමණ සිට අනතුරට පත් පුද්ගලයන් ඉහළට රැගෙන ඒම සඳහා උද හමුදා කමාන්ඩෝ රැෆලින් ඇතුළත් මුදාගැනීමේ සාමාජිකයින්ගේ ද සහාය මීට හිමිව තිබෙනවා.

මේ අතර බණ්ඩාරවෙල සහ බදුල්ල ගිනි නිවීමේ සේවකයින්ද මෙම මෙහෙයුම සඳහා සම්බන්ධ වූ අතර, බදුල්ල මහ රෝහල ඇතුළු අවට රෝහලවල වෛද්‍යවරුන් ද මෙම මුදාගැනීමේ මෙහෙයුම් සඳහන් එක්ව සිටියා.

ඊට අමතරව ඇල්ල පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකම නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහාය ද මේ සඳහා ලැබී තිබෙනවා.

මෙම අනතුරන් තුවාල ලැබුවන් ඇතුළත් කෙරුනේ දියතලාව, බණ්ඩාරවෙල සහ බදුල්ල යන රෝහල්වලටයි.



✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post