අරක්කු බෝතලයක් නුදුන්නයි පොලීසිය විසින් මරා දැමූ අයෙකුට වසර 21ට පසු යුක්තිය.!


 හෝටල් කළමනාකරුවෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කෲර වද හිංසා පමුණුවා මරා දැමීමේ චෝදනාවට වැරදිකරවන් වූ පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ එවකට හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු විත්තිකාර පොලිස් නිලධාරීන් හතර දෙනකුගෙන් පොලිස් නිලධාරීන් තිදෙනකුට බරපතල වැඩ සහිතව වසර හතක සිරදඬුවමක් පොළොන්නරුව මහාධිකරණ විනිසුරු රුචිර වැලිවත්ත මහතා නියම කළේය.

ලෝක අමද්‍යප දිනයදා මත්පැන් බෝතලයක් ලබා නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන් අදාළ කළමනාකාරවරයාට පහරදී තිබූ අතර, මෙම නඩුවේ පළමු විත්තිකරු වන පොළොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා නඩු විභාගය පැවැති කාලසීමාව අතරතුර මියගොස් තිබුණා.

පොළොන්නරුව ‌කොට්ඨාස දූෂණ මර්දන අංශයේ එවකට සේවය කළ පොලිස් සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට ‌වෙන් වෙන් වශයනේ වසර හත බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ මහධිකරණ විනිසුරු රුචිර වැලිවත්තමහතා ඊට අමතරව වෙන් වෙන් වශයෙන් රුපියල් 15000 බැගින් දඩ මුදල් ගෙවන ලෙසටද විත්තිකාර පොලිස් නිලධාරීන්ට නියම කළ මහේස්ත්‍රාත්වරයා දඩ මුදල් ගෙවීම විත්තිකාර පොලිස් නිලධාරීන් පැහැර හරින්නේ නම් ඔවුනට වෙන් වෙන් වශයෙන් තවත් මාස 12 ක සිර දඩුවමක්ද නියම කෙරිණි.

මෙසේ සිර දඬුවම් නියම වූයේ මෙම අපරාධය සිදු වන අවස්ථාවේ පොළොන්නරුව කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන් එච්. දයානන්ද රත්නායක සහ පොලිස් කොස්තාපල්වරුන් වන එම්. ජගත් ප්‍රියන්ත ‌පෙරේරා ගුණසේකර සහ එම්. ජී. මහින්ද චාර්ලිස් යන විත්තිකරුවන්ටය.

2004 වසරේ සිදුවූ ඝාතනයට අදාළව වසර 21කට පසු මෙම තීන්දුව ලබාදී තිබීම සුවිශේෂී වෙයි.



✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post