ඊශ්‍රායලයට විරෝධය පළ කළැයි මාස 9ක් රඳවාගෙන සිටි තරුණයාට උන දේ


 සමාජ මාධ්‍ය ඔස්සේ ඊශ්‍රායලයට විරෝධය දැක්වූයේයැයි පවසමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදාහැර සිටි සැකකාර තරුණයා නිදොස් කර නිදහස් කිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය ඊයේ (16) නියෝග කළාය.


සැකකාර තරුණයාට එරෙහිව නඩුව තවදුරටත් පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට නීතිපති උපදෙස් ලබා දී ඇතැයි දෙහිවල පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටීමත් නඩුවේ ඉදිරි කටයුතු සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් සැකකාර තරුණයා නිදොස් කර නිදහස් කරන ලෙසට සැකකාර තරුණයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයෙන් ඉල්ලා සිටීමත් යන කරුණු පදනම් කර ගනිමින් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය සිදු කරන ලදි.

සැකකරු වෙනුවෙන් ගීත්ම ප්‍රනාන්දු, වරුණ ජයසිංහ, අරුණි රණසිංහ, ඉල්හාම් හසනලි යන නීතිඥවරු පෙනී සිටියහ.

මාවනැල්ලේ පදිංචි, මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහායිල් නමැති 21 හැවිරිදි තරුණයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුගිය වසරේ ඔක්තෝබර් මස 25 වැනිදා දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.



✅✅✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post