ඉන්දියාව සමග තරගයෙන් අවාසනාවන්ත පරාජයක්


 ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ආසියානු කුසලාන විස්සයි20 සුපිරි හතර වටයේ තරගයේදී ශ්‍රී ලංකාව වෙනදා නැති දක්ෂතා පෙන්වමින් ලකුණු 202 විශාල ලකුණු සංඛ්‍යාවක් ගෙන සම ලකුණු ලබාගත්තත් සුපිරි ඕවරයේදී දැක්වූ දුර්වලතා නිසා පරාජයට පත්විය.


ඉන්දියාව කඩුළු 5 ක් දැවී 202 ලබාගත් අවස්ථාවේ ශ්‍රී ලංකාව එතරම් විශාල ඉලක්කයක් වෙත ගමන් කරන්නේ නැතැයි විචාරකයින් අදහස් දක්වා තිබුණත් අද දින පැතුම් නිස්සංක ලකුණු 107 ක් ලබා ක්‍රීඩා කළ සුපිරි ඉනිම නිසා ඉහළ තැනකට කන්ඩායම ගත්තේය.
අවසාන ඕවරයේදී පැතුම් නිස්සංක දැවීයාමෙන් පසු ඉතිරි පන්දු 5 දී ලකුණු 12 ක් වෙනුවට 11 පමණක් ලබාගත් නිසා ලකුණු සම විය. එම අවස්ථාවේ ක්‍රීඩා කළේ දසුන් ශානක හා ජනිත් ලියනගේය.
ලකුණු සමවීමෙන් පසු සුපර් ඕවරය ක්‍රීඩා කරන්නට පැතුම් නිස්සංක ආවේ නැති අතර දසුන් ශානක හා කුසල් ජනිත් පැමිණි නමුත් ලකුනු වෙනුවට කඩුළු පූජා කිරීමට එම ඕවරය වෙහෙසවූ අතර ලකුණු 2 ක් පමණක් ලබා තිබීම නිසා එම ඉලක්කය ඉන්දියාව තනි පන්දුවකින් පසුකර ජයග්‍රහණය කළේය.








gossiplanka image 2
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post