තරුණයෙක් මියයාමේ සිද්ධියකින් ආගරපතන රෝහල නොසන්සුන් වෙයි (වීඩියෝ)


 ආගරපතන ප්‍රාදේශීය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ තරුණයෙක් ඊයේ (25) රාත්‍රියේ දී මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බඹරකැලේ වත්තේ ඉහළ කොටසේ වතු කම්කරුවන් පිරිසක් රෝහලට පිවිස විරෝධතාවයක් දැක්වීම නිසා රෝහල තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබෙනවා.

රෝහල් කාර්යමණ්ඩලය විසින් නිසි ප්‍රතිකාර ලබා නොදීම නිසා එම රෝගියා මියගිය බවයි එම පිරිස චෝදනා කරන්නේ.

මෙලෙස මියගිය තරුණයා ඉකුත් (23) වන දින ඇති වූ රෝගී තත්ත්වයක් මත ආගරපතන ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇති බවත් නැවත වතාවක් ඊයේ (25) දින ඔහුගේ රෝගී තත්වය උත්සන්න වීම නිසා ඥාතීන් විසින් තරුණයාව එම රෝහල වෙතටම ගෙනවිත් ඇති බවයි වාර්තාවන්නේ.

රෝගියාගේ තත්ත්වය පරික්ෂාකර බැලූ වෛද්‍යවරුන් විසින් ඔහුව නේවාසිකව ප්‍රතිකාර ලබා දීමට යොමුකර තිබෙනවා.

එලෙස ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර එම තරුණයා ඊයේ (25) රාත්‍රියේ රෝහලේදී මියගිය පසු අදාළ පිරිස විසින් මෙලෙස රෝහල තුළ නොසන්සුන්කාරී අන්දමින් කටයුතුකර ඇති බවයි පැවසෙන්නේ.

පසුව ආගරපතන පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණ තත්ත්වය පාලනයකර ඇති අතර රෝහලට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.




✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post