මැදිරිගිරියේ පාසලක දරුවන් පිරිසක් හදිසියේ රෝගී වෙයි


 මැදිරිගිරිය මණ්ඩලගිරිය ජාතික පාසලේ සිසු දරු දැරියන් 40කට අධික පිරිසක් ශ්‍රමදානයක් අතරතුර හදිසියේ රෝගීවී තිබේ.


මේ හේතුවෙන් එම දරුවන් පිරිස අද (30) උදෑසන මැදිරිගිරිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.


උදෑසන පාසලේ පන්ති කාමර අවට පිරිසිදු කිරීමේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මෙම දරු දැරියන් කැසීමේ රෝග ලක්ෂණ ඉස්මතු කර ඇති අතර, පසුව ඔවුන්ගේ කිහිපදෙනෙකුට මෙම රෝග ලක්ෂණ කැපී පෙනීම හේතුවෙන් රෝහල්ගත කර ඇත.


මේවන විට දරුවන් පස් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතරින් අනෙක් දරුවන් ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් තිබේ.


සිද්ධිය සම්බන්ධව මේ වන විටත් පාසලේ විදුහල්පතිවරයා විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.




✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post