පැහැපත් සමක් ලබාගන්න හීන දකින ඔබට මේ දෙයින් ඒක කරගන්න පුළුවන්..


 අපි කවුරුත් අපේ සමේ ලස්සන ගැන, නීරෝගීකම ගැන වගේම පැහැපත්බව ගැන බොහෝවිට සැලකිලිමත් වෙනවා.



ඉතින් ඒ ගැන හිතන ඔයා දැනගෙන හිටියාද ගස්ලබු කියන්නේ ඒකට හොඳම පළතුරක් බව. මිල අධික රූපලාවණ්‍ය සත්කාර කරන්න කලින් බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන් පලතුරකින් ලස්සන වෙන්න මේ ලිපිය ඔබට උදව් කරාවි. මේ කියන්න යන්නේ ඔබට ගෙදරදිම සකසාගන්න පුළුවන් face mask කිහිපයක් ගැනයි.

01. ගස්ලබු + මී පැනි
අවශ්‍ය ද්‍රව්‍ය - ගස්ලබු මදය
මී පැනි.
සාදන ක්‍රමය - ගස්ලබු මදය හොද paste එකක් විදියට හදාගෙන ඒකට මී පැනි එක් කරලා හොදට මිශ්‍ර කරගන්න. හොදින් පිරිසිදු කරගත් මුහුන සහ බෙල්ලේ ආලේප කර මිනිත්තු 15ක් වගේ තියලා සෝදන්න.

02. ගස්ලබු + යෝගට්
අවශ්‍ය ද්‍රව්‍ය - ගස්ලබු මදය
යෝගට්.
සාදන ක්‍රමය - ගස්ලබු මදය හොද paste එකක් විදියට හදාගෙන ඒකට යෝගට් ටිකක් (මේස හැන්දක්) එක් කරලා හොදට මිශ්‍ර කරගන්න. හොදින් පිරිසිදු කරගත් මුහුන සහ බෙල්ලේ ආලේප කර මිනිත්තු 10ක් වගේ තියලා සෝදන්න. (Sensitive, Acne prone skin අය මේක කරන්න එපා)

03. ගස්ලබු + ලෙමන් /දෙහි
අවශ්‍ය ද්‍රව්‍ය - ගස්ලබු මදය
දෙහි හෝ ලෙමන්
සාදන ක්‍රමය - ගස්ලබු මදය හොද paste එකක් විදියට හදාගෙන ඒකට දෙහි හෝ ලෙමන් තේ හැදි බාගයක් එක් කරලා හොදට මිශ්‍ර කරගන්න. හොදින් පිරිසිදු කරගත් මුහුන සහ බෙල්ලේ ආලේප කර මිනිත්තු 05-10ක් වගේ තියලා සෝදන්න. Sensitive skin නම් ලෙමන් පොඩ්ඩක් විතරක් ඇඩ් කරන්න.

04. ගස්ලබු + කහ
අවශ්‍ය ද්‍රව්‍ය - ගස්ලබු මදය
කහ කුඩු තේ හැදි බාගයක්
සාදන ක්‍රමය - ගස්ලබු මදය හොද paste එකක් විදියට හදාගෙන ඒකට කහ කුඩු තේ හැදි බාගයක් එක් කරලා හොදට මිශ්‍ර කරගන්න. හොදින් පිරිසිදු කරගත් මුහුන සහ බෙල්ලේ ආලේප කර මිනිත්තු 15ක් වගේ තියලා සෝදන්න. මේ මාස්ක් එකෙන් ඇක්නි අඩු වෙනවා.

05. ගස්ලබු + කෝමාරිකා
අවශ්‍ය ද්‍රව්‍ය - ගස්ලබු මදය
කෝමාරිකා මදය
සාදන ක්‍රමය - ගස්ලබු මදය සහ කෝමාරිකා මදය හොද paste එකක් විදියට හදාගෙන හොදට මිශ්‍ර කරගන්න. හොදින් පිරිසිදු කරගත් මුහුන සහ බෙල්ලේ ආලේප කර මිනිත්තු 15ක් 20ක් වගේ තියලා සෝදන්න.

අන්තර්ජාලය ඇසුරෙන්.. 
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post