වැඩිහිටි නිවාසයේ දානයට බුලත්විට ගේන්න ගිය දරුවාට මෙ‍ෙහම වුණේ ඇයි.... මව හැඬූ කඳු­ළින් කියයි


 අපි බණ්ඩා­ර­නා­ය­ක­පුර වැඩි­හිටි නිවා­ස­යට දාන­යක් දෙනවා. අපි එදා උදෙන්ම දානය සූදා­නම් කළා. පිරි­වෙනේ ඉගෙන ගන්න මිය­ගිය පුතා දානෙට උදවු කරන්න ඕනෑ කියා පිරි­වෙන් ගියේ නැහැ. එයා දානය සූදා­නම් කරන්න ගොඩක් උදවු කළා. පසුව අපි ත්‍රීවී­ල­ර­යක් අර­ගෙන දානය පිළි­ග­න්වන්න වැඩි­හිටි නිවා­සෙට ගියා. මේ පුතා මෝටර් බයික් එක­කින් වැඩි­හිටි නිවා­සෙට ආවා. එහෙ හිටිය වය­සක අම්මා කෙනෙක් ඇහුවා බුලත් විට තියෙ­න­වද කියලා. මේ පුතා “මම කඩෙන් ගේන්නම්”කියා මෝටර් සයි­ක­ලෙන් පාරට ගියා. ටික වෙලා­ව­කින් දැන­ගන්න ලැබුණා පුතා අන­තු­ර­කට ලක්වෙලා කියලා. මමත් දුවලා ගියා. මිනිස්සු වට­වෙලා හිටියා. එතැන හිටපු කට්ටිය මට ඒ තැනට යන්න දුන්නේ නැහැ. පසුව දැන­ගත්තා පුතා මිය­ගිය බව.”

ගාල්ල උඩු­ගම පොලිස් බල­ප්‍ර­දේ­ශයේ බණ්ඩා­ර­නා­ය­ක­පුර ප්‍රදේ­ශයේ දී පෙරේදා (09) සිදුවූ රිය අන­තු­ර­කින් මිය­ගිය 16 හැවි­රිදි පිරි­වෙන් ශිෂ්‍ය­යාගේ මරණ පරී­ක්ෂ­ණ­යේදී සාක්ෂි දුන් මිය­ගිය අයගේ මව වන පති­රණ ආර­ච්චිගේ ලක්ෂ්මී සේපා­ලිකා (35) මහ­ත්මිය එසේ කීවාය.

මෙසේ අවා­ස­නා­වන්ත ලෙස මිය­ගොස් ඇත්තේ උඩු­ගම ගෝන­දෙ­ණිය අක්කර 72 ප්‍රදේ­ශයේ පදිංචි නබ­දව විතා­නගේ කුෂාන් බිමාෂ ලක්ෂාන් නමැති උඩු­ගම විද්‍යා­කීර්ති පිරි­වෙනේ අධ්‍යා­ප­නය ලබන සිසු­වෙකි. ඔහු යට­ල­මත්ත සිට උඩු­ගම දෙසට යතු­රු­පැ­දි­යෙන් යමින් සිටි­යදී උඩු­ගම සිට යට­ල­මත්ත ප්‍රදේ­ශ­යට ගමන් කර­මින් තිබූ කුඩා ලොරි­යක ගැටී­මෙන් මේ අන­තුර සිදුවී ඇත. යතු­රු­පැ­දිය අධික වේග­යෙන් පැමිණ ඇති බව පොලී­සිය පව­සයි. අන­තුර සිදුවූ අව­ස්ථා­වේ­දීම සිසුවා මිය­ගොස් තිබූ බව පව­සන පොලී­සිය මෘත දේහය 1990 ගිලන් රථය මඟින් උඩු­ගම රෝහ­ලට රැගෙන ගිය බවද සඳ­හන් කරයි. උඩු­ගම හදිසි මරණ පරී­ක්ෂක දයා­නන්ද උඩ­ල­මත්ත මහතා විසින් උඩු­ගම මූලික රෝහ­ලේදී පව­ත්වන ලද හදිසි මරණ පරී­ක්ෂ­ණ­යේදී සාක්ෂි දුන් මිය­ගිය අයගේ මව වන පති­රණ ආර­ච්චිගේ ලක්ෂ්මී සේපා­ලිකා (35) මෙසේද කීවාය. “මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා. මේ මගෙ ලොකු පුතා. වැඩි­හිටි නිවාසෙ අම්මා කෙනෙ­කුට බුලත් විටක් ගේන්න කියා මෝටර් සයි­ක­ලෙන් පාරට ගිය පුතාට මේ වගේ විප­තක් වේවි කියා මම හීනෙ­කි­න්වත් හිතුවේ නැහැ. ගිහින් විනාඩි දෙක­කට විතර පසුව දැන­ගත්තා පුතාට අන­තු­රක් වෙලා කියලා. මේ මර­ණය ගැන කිසිම සැක­යක් නැහැ.”

මේ අකල් මර­ණය පිළි­බ­ඳව උඩු­ගම විද්‍යා­කීර්ති පරි­වේ­ණා­ධි­පති, ශාස්ත්‍ර­පති වදු­රඹ ජින­ර­තන හිමියෝ මෙසේ කීහ. “මේ දරුවා හොඳ ගුණ යහ­පත් දරු­වෙක්. ඉගෙන ගැනී­මත් හොඳින් කළා. මර­ණය වූදාට කලින් දවසේ පිරි­වෙ­නට ඇවිත් මගෙන් අව­වාද අනු­ශා­සනා ලබා­ගෙන අධ්‍යා­පන කට­යුතු කළා.”

උඩු­ගම මූලික රෝහ­ලේදී මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්විණි. හිසට, මොළ­යට සිදුවූ බර­ප­තළ හානි හේතු­වෙන් මේ මර­ණය සිදු වී ඇති බව උඩු­ගම හදිසි මරණ පරී­ක්ෂක දයා­නන්ද උඩ­ල­මත්ත මහතා විසින් තීර­ණය කරන ලදි.



✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post