කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේන් අවවාදාත්මක නිවේදනයක්


 ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

අද (09) පෙරවරු 11.30ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, උතුරු මැද, නැගෙනහිර ඌව සහ සබරගමුව පළාත්වලත් සහ වවුනියා, මන්නාරම, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.



✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post