පපුවේ සෙම නැති කරන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් මෙන්න


 අද වනවිට සෙම් රෝග නිසා පීඩාවට පත්වන පිරිස බොහොමයකි.ඔබත් එවන් අයෙකු නම් මෙම ලිපිය කියවා ඉතා කෙටි කාලෙකින් සාර්ථකව මෙයට විසඳුමක් ලබාගන්න.


පපුවේ සෙම යනු තවත් රෝග ගණනාවකටම මුලික වන එක් බැරෑරුම් තත්වයකි. ඇඳුම ආදී රෝග ඇතිවීමට ප්‍රධාන කාරණය ලෙසින්ද මෙම පපුවේ සෙම්  අවස්ථාව දැක්විය හැක. ඒ සඳහා ඉතා විශ්වාසවන්ත බෙහෙත් වට්ටෝරු කිහිපයක් පහතින් දක්වා ඇත. මෙම ප්‍රතිකාර නියමිත පරිදී සිදුකිරීමෙන් කෙටි කාලෙකින් පපුවේ සෙම තත්වය නැතිකර ගත හැකි බව අප විශ්වාසයෙන් පවසන්නෙමු.

සිරිතේක්කු හා වියළි ඉඟුරු සමව ගෙන කබලේ බැද කුඩුකර කොපි මෙන් වත්කර දිනපතා උදේ සවස සිනි මිශ්‍රකර පානය කරන්න.
සිරිතේක්කු හා අමු ඉඟුරු තැම්බූ වතුරට සුකිරි දියකර දවසට දෙවරක් උදේ සවස බොන්න.

තාලිසාදී චුර්ණය ( කුඩු ) තේ හැඳි එක බැගින් දවසට දෙවරක් උදේ සවස ඇඹුල් දොඩම් යුෂ සමඟ කලවම්කර බී අනතුරුව උණුවතුර පානය කරන්න.
බුද්ධරාජ කල්කය මදටිය ඇටයක ප්‍රමාණයේ ගුලි දෙකක් උදේ සවස ඇඹුල් දොඩම් යුෂ, සීනි, මී පැණි, අමු ඉඟුරු යුෂ යන මේවායෙන් එකක් සමඟ දිනපතා භාවිත කරන්න.
 

ඉහත සඳහන් ප්‍රතිකාර අතුරින් ඔබට පහසු ප්‍රතිකාරයක් නොකඩවා භාවිත කිරීමෙන් පපුවේ සේම තත්වය මඟහරවා ගත හැකි වේ.මෙම ප්‍රතිකාර සිදුකරන අතරම සෙම වඩන ආහාර පාන ආදිය පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීමද ඉතා වැදගත් වේ.නොඑසේ නම් ප්‍රථිපල රහිත විය හැකිය.

(ඉහත සඳහන් කල ප්‍රතිකාර ක්‍රම සියල්ල වයස අවුරුදු 12 න් ඉහළ අය සඳහා පමණක්ම බව කරුණාවෙන් සලකන්න)

(අන්තර්ජාලය ඇසුරිණි) Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post