දිවයින පුරා විශේෂ මෙහෙයුමක්


 අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා පොලිසිය විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලදී ඊයේ (12) දිනයේ දී පමණක් වරෙන්තුකරුවන් 232ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පරීක්ෂා කිරීම්වලදී සැකපිට පුද්ගලයින් 639ක්, අපරාධ සම්බන්ධයෙන් සෘජුව හදුනාගත් පුද්ගලයින් 17ක්, වරෙන්තුකරුවන් 232ක් සහ විවෘත වරෙන්තුකරුවන් 152 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මීට අමතරව බීමත් රියදුරන් 34 දෙනෙකු, අපරික්ෂාකාරී රිය පැදවීම්වලට සම්බන්ධ 33 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

වෙනත් රථවාහන වැරදිවලට අදාළව පුද්ලයින් 3709 දෙනෙකු සදහා ද නීතිය ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ඊයේ දිනයේ පමණක් දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 26,985 දෙනෙකු පරීක්ෂා කළ බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.


✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post