පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරු දෙකක් හමුවෙයි


 කුඹුක්ගැටේ පොලිස් වසමේ හෙට්ටිගම ප්‍රදේශයේ කිඹුල්වාන ඔය මණ්ඩලපල පාලම ආසන්නයේ පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක් වූ හෙට්ටිගම, කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම මරණය දියේ ගිලීමෙන් සිදු වූවාද නැතහොත් වෙනත් සැකකටයුතු මරණයක්ද යන්න සම්බන්ධයෙන් කුඹුක්ගැටේ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

එමෙන්ම පල්ලේකැලේ පොලිස් වසමේ එළිමහන් සිර කඳවුර අසල ඇති වික්ටෝරියා ජලාශයේ ද පාවෙමින් තිබියදී පිරිමි පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 63ක් වූ බාබර් වත්ත, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පල්ලේකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




✅✅✅✅✅✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post