මොළයේ සෛල කන මාරාන්තික ඇමීබා ආසාදනයක් ඉන්දියාවෙන්


 මොළයේ සෛල භක්ෂණය කරන නයිගීරියා ෆවුලේරි එනම් මොළය භක්ෂණය කරන මාරාන්තික ඇමීබා ආසාදනයක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වේ.

වසරේ ගතවූ කාලය තුළ මෙම ආසාදනයට ගොදුරුවූවන් 70ක් පමණ එම ප්‍රාන්තයෙන් සොයා ගෙන ඇති අතර, ඉන් 19 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඉන් වැඩි ප්‍රමාණයක් පසුගිය මාස කිහිපය තුළ වාර්තා වී තිබේ.

ජලාශ, ගංගා වැනි උණුසුම් ජලයේ සුබල වශයෙන් ඇති මෙම ඇමීබාවන් නාසය හරහා මිනිස් සිරුරට ඇතුළු වන බව මේ වන විට සොයා ගෙන ඇත.

කෙසේවෙතත් ගෝලීය වශයෙන් මෙතෙක් රෝගීන් 500කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් පසුගිය වසර දෙක තුළ කේරළයේ පමණක් රෝගීන් 120කට අධික ප්‍රමාණයක් වාර්තා වී තිබේ.


✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post