කඩුවෙල පාලම ආසන්නයේ කැළණි ගඟේ පාවෙමින් තිබූ පුරුෂ මළ සිරුරක් සොයාගෙන තිබේ.
එම මළ සිරුර ගඟේ ගිල්වා තැබීමේ අරමුණින් සිරුරට ගල් ගැටගසා තිබී ඇති බව පොලීසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාගේ ඉන ප්‍රදේශයේ, ගල් පුරවන ලද කලිසමක් ගැටගසා තිබූ බවය. මළ සිරුර සොයාගන්නා අවස්ථාවේදී එහි තිබී ඇත්තේ යට ඇඳුම පමණක් වන අතර, මියගිය පුද්ගලයා ඇඳ සිටි බවට සැකකෙරෙන කලිසමේ දෙකෙළවර ගැටගසා, ගල් පුරවා සිරුර ගිල්වීම සඳහා යොදාගෙන ඇති බව පෙනී යයි.
දින හතරකට පමණ පෙර මෙම මරණය සිදුවන්නට ඇති බවට අනුමාන කෙරෙන අතර, ගොඩට ගන්නා විටත් සිරුර දැඩි ලෙස නරක් වී තිබී ඇත.
සිද්ධිය පිළිබඳව පුළුල් විමර්ශනයක් නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් ආරම්භ කර තිබේ.
✅✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News
