හිනා වෙවී අධිකරණයට ආ ශෂීන්ද්‍ර හැඬු කඳුලින් පිටව යයි.


 පොදු දේපොළ පනත යටතේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ එළැඹෙන (22) වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) දින නියම කළේය.

නඩුව විභාගකරන කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම අද දින නිවාඩු ලබාසිටීම හේතුවෙන් මෙලෙස එම නඩුව ලබන සඳුදා දක්වා කල් තැබීමට නියම වී ඇති අතර සැකකාර ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කර බලපෑම් සිදුකර වන්දි ගෙවීමට බලපෑම්කර ඇති බවට ශෂීන්ද්‍රට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post