අක්කරයක කංසා හේනක් වටලයි


 බලංගොඩ  මැදබැද්ද  බෝගහපටිටිය  රක්ෂියේ   වගාකර  තිබු  අක්කරයකට  ආසන්න  කංසා  හේනක් වටලා  සැකකරුවන්  හතර  දෙදෙනකු  අත්අඩංගුවට  ගැනිමට  බලංගොඩ  සහකාර පොළිස්  අධිකාරි  කාර්යාලයේ  විශේෂ  වැටලීම්  ඒකකයේ  නිළධාරිහු  අද  (13)   පස්වරුවේ  කටයුතු  කළහ.

බෝගහප්ය  රක්ෂිතය එළිපෙහෙළි  කර  මෙම  කංසා   වගාව  පවත්වාගෙන   ගොස්  ඇති  බව  ඔවුහු පවසති.

එම  කංසා ගස්  උදුරා ගිනි තබා  විනාශ  කිරිමට නිළධාරිහු  කටයුතු කළ  අතර  බලංගොඩ සහකාර පොලිස් අධිකාරි  ටි.එමි.එන්.ඒ.බි.තොටගොඩවත්ත  මහතාගේ  උපදෙස් පරිදි  එම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත්  සැකකරුවන්  බලංගොඩ  මහේස්ත්‍රාත්  අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතය.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post