බස් රථයේදී විශ්වවිද්‍යාල තරුණියගේ පසු පස මිරිකූ පුද්ගලයකුට නඩු


 හොරණ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ගමන් ගත් විශ්ව විද්‍යාල සිසුවියකගේ පසු පස පෙදෙස මිරිකා ලිංගික හිංසාවක් කළ බව කියන සිද්ධියට අදාල නඩුව දෙසැම්බර් මස 01 දින කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (8) දින නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා කුරුඳුවත්ත පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර කළ කරුණු දැක්වීමකින් අනතුරුව අධිකරණය මෙම නියෝගය කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිකාර ශිෂ්‍යාව කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 27 හැවිරිදි තරුණියක් බවයි.

පැමිණිකාර ශිෂ්‍යාව පසුගිය දිනක හොරණ ප්‍රදේශයේ සිට කොළඹ විශ්වවිද්‍යාලය බලා පෞද්ගලික බස් රථයක ගමන් කරමින් සිටින අතරතුර ඇය සිටි අසුනට පසුපස අසුනක සිටි සැකකාර පුද්ගලයකු ඉතා සූක්ෂම ආකාරයෙන් පැමිණිකාර තරුණියගේ පසුපස පෙදෙස අවස්ථා කිහිපයකදී මිරිකා ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු දක්වනු ලැබුවා.

සිද්ධියෙන් අපහසුතාවයට පත් පැමිණිලිකාර ශිෂ්‍යාව තමන්ට සිදුව ඇති අතවරය සම්බන්ධ⁣යෙන් බස් රථය තුළ හඬ නගා ප්‍රකාශ කළ අවස්ථාවේ එම රථයේ සිටි සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිළධාරියෙකු ඇතුළු පිරිසක් සැකකාර පුද්ගලයා අල්ලාගෙන කුරුඳුවත්ත පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබුණා.

පොලීසිය අධිකරණයට දැන්වූයේ අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා රුපියල් ලක්ෂ දෙකක ශරීර අප දෙකක් මත මුදා හරින ලෙසට නියෝග කළා.

වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන කපිල ප්‍රසාද් ප්‍රේමචන්ද්‍ර නමැත්තෙකු එසේ ඇප මත මුදා හැරුණා.



✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post