පල්ලිය පිටිපස්ස කුණුගොඩේ දින තුනක බිලිදියක්


 දින තුනක් පමණ වයසැති බිලිඳියක් බෑගයක දමා කැසිකිළියක් තුළ අත්හැර ගොස් තිබියදී හමු වී ඇත.

මෙය අම්පාර, අක්රපත්තුව ප්‍රදේශයේ අස්රෆ් නගර්, ඔලුවිල් 4 පිහිටි රහුමාන් ජුම්මා පල්ලිය පිටුපස ඇති කැසිකිළියක් තුළ බිලිදියව දමා ගොස් ඇති බවයි.


අම්පාර, අක්රපත්තුව ප්‍රදේශයේ පදිංචි අයෙකුට දරුවෙකු අඬන හඩ ඇසී සොයා බැලිමේදි මෙම දරුවා දැක පසුව අක්කරපත්වූව පොලිසිය වෙත දුරකතන මාර්ගයෙන් දැනුවත් කිරීමෙන් පසු එම ස්ථානයට පැමිණි අක්කරපත්තුවව පොලිසි ස්ථානයේ නිලධාරින් විසින් මෙම දරුවා ඔලුවිල් ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ.

අනතුරුව මෙම දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරපත්තුව රෝහල වෙත මාරු කර යවා ඇති අතර දැනට එම දරුවා රෝහල් කාර්ය මණ්ඩලය භාරයේ අක්කරපත්තුව මුලික රෝහලේ ළදරු ප්‍රථිකාර ඒකකයේ සිටින බව බවත් දරුවා නිරෝගීව සිටින බවත් අක්කරපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය අයි.එම්. ජාවාහිර් මහතා පවසයි.


අක්කරපත්තුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ඇත.



✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post