ඇල්ල-වැල්ලවාය අනතුරෙන් ජීවිත බේරාගත් විශේෂ බළකා වීරයාට හමුදාපතිගෙන් පැසසුම්


 ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ රාවණා ඇල්ල අසලදී පසුගියදා (04) සිදු වූ බස්රථ අනතුරෙන් විපතට පත්වූ මගීන් බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 2 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.වී.එම්. බණ්ඩාරව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා අගය කරයි.

එම මගීන් මුදවා ගැනීම් මෙහෙයුම් සඳහා සහයෝගය දක්වමින් එහි ගමන් ගත් මගීන් තිදෙනෙකු බේරා ගැනීම සඳහා කටයුතු කළ ලාන්ස් කෝප්‍රල් බණ්ඩාරගේ එම නිර්භීත ක්‍රියාව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මහතා විසින් යුද්ධ හමුදා මූලස්ථානයේදී ඊයේ (16) ඇගයීමට ලක්කර තිබෙන බව යුද හමුදාව පවසයි.

රාජකාරියෙන් බැහැරව නිවාඩු ලබා සිටියදී වුවද එම ජීවිත ගලවා ගැනීමේ කටයුතුවල යෙදී සිටියදී ඔහුගේ හිසට බරපතල තුවාල සිදු වුවද ඒ ගැන නොතකා සිදුකරනු ලැබූ එම නිර්භීත ක්‍රියාව අගය කල යුද්ධ හමුදාධිපති ලාන්ස් කෝප්‍රල් බණ්ඩාර වෙත මූල්‍යමය පරිත්‍යාගයක් ද ප්‍රදානය කර තිබේ.


✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post