අංක තහඩුවලට වෙන්නේ මොකක්ද..? වැඩිවෙන අලුත් වාහන අතර, තවත් වෙනස්ම කතාවක්..


 මෙරටට රැගෙන ආ වාහන ගැන අහන්න ලැබුණු තවත් විශේෂ කතාව දැනගන්න ඔබටත් කැමැත්තෙන් ඇති.. මේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ පුවතක්.. 



වසරේ ගෙවුණු මාස අටක කාලයේ දී නව වාහන එක්ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය අසූහයක් ලියාපදිංචි කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා..

යතුරුපැදි වන අතර ඒ ප්‍රමාණය එක්ලක්ෂ විසි හත්දහස් හත්සිය හතළිස් පහක්...

එසේම මෝටර් කාර් විසි හයදහස් අටසිය අනූ හතරක් ද, ත්‍රිරෝද රථ පන්දහස් අටසිය නවයක්ද, ද්විත්ව කාර්ය වාහන එක්දහස් හයසිය හැට හයක්ද, ඉඩම් වාහන දෙදහස් එකසිය විසි දෙකක්ද ඇතුළු විවිධ කාණ්ඩ යටතේ වාහන ලියාපදිංචි කර ඇති අතර, එසේම විද්‍යුත් වාහන විසි පන්දහස් පන්සිය විසි හයක් ද මෙම කාලය තුළ ලියාපදිංචි කර ඇති බවට වාර්තා වුණා..

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ විසින් මේ බව පවසා තිබුණා..

විද්‍යුත් කාර් රථ තුන්දහස් දෙසීය විසි දෙකක්, වෑන් රථ පහක්, ත්‍රිරෝද රථ එකසිය පනස් පහක්, යතුරපැදි විසි දෙදහස් එකසිය තිස් තුනක් මේ අතර වෙනවා..

මේ අතර වාහන අංක තහඩු මුදුණය මාස හයක සිට නැවතීමත් සමග මේ ලියාපදිංචි කරන ලද වාහන අතරින් ලක්ෂයකට අධික වාහන ගණනකට අංක තහඩු ලැබී නොමැති අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අංක තහඩු මුද්‍රණය කිරීමේ කාර්ය ටෙන්ඩර් ක්‍රියාවලියක් මගින් පුද්ගලික සමාගමක් වෙත ලබාදීමට නියමිත බවයි වාර්තා වෙන්නේ..

කෙසේ වෙතත් අංක තහඩු මුද්‍රණය නැවතීම මත වාහන අංක තහඩු සකස් කරන ව්‍යාපාරික ස්ථානවල ගාස්තු ද අසීමිත ලෙස මේ වෙනකොට වැඩිවී තිබෙනවා..

අරුණ පුවත්පත ඇසුරෙන්..

✅✅✅✅✅✅✅
Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post