දෙදෙනෙකුට මරු කැඳවූ මධ්‍යම අධිවේගයේ අනතුර


 මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

අනතුර සිදුවූයේ ලොරි රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් එකිනෙක ගැටීමෙනි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම ආසන්න 41 වැනි කිලෝමීටර් කණුවේදී මෙම අනතුර සිදුව තිබුණේ ඊයේ රාත්‍රී 11ට පමණ බව පොලීසිය පැවසීය.

අනතුරින් ලොරි රථයේ රියැදුරා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණි. 

අප වාර්තාකරු පැවසුවේ, බරපතළ තුවාල ලබා සිටි බවුසරයේ සහායකයා රෝහල්ගත කිරීම සඳහා රැගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. 

තුවාල ලබා සිටි බවුසරයේ රියැදුරා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. 

අනතුර හේතුවෙන් ලොරි රථය අධිවේගී මාර්ගයෙන් ඉවතට පෙරළී අති අතර, පසුව බවුසරයද ලොරිය මතට පෙරළී තිබුණු බව අප වාර්තාකරු පැවසීය.



Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post