ජලාශයේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් ජීව්තක්ෂයට


 ගලේවෙල ප්‍රදේශයේ දේවහූව ජලාශයේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 11ක් වූ දේවහූව, ගලේවෙල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මියගිය දරුවා සිය පියා හා ඥාතීන් සමග එම ජලාශයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබේ.

පසුව ඥාතීන් හා ප්‍රදේශවාසීන් එක්ව දියේ ගිලුණු දරුවා ගොඩ ගෙන ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.



✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post