සියලු දෙනා අවදානම් සිටින්න - කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්


 පවතින වැසිබර කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් ධීවර හා නාවුක ප්‍රජාවට අවධානයෙන් පසුවීම වැදගත් වේ.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගංඟා කිහිපයක ජල මට්ටම් ද සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


✅✅✅✅✅✅

Post a Comment

Previous Post Next Post