අමුතුම ගේමක් ගහපු අඹුසැමි යුවළක් අත්අඩංගුවට


 ගැබිනි මව්වරුන්ගේ සායනයට යන මුවාවෙන් අයිස් මත්ද්‍රව්‍ය අලෙවිකළ අඹුසැමි යුවළක් නාවලපිටිය පොලීසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අඹුසැමි යුවළ ඊසි කෑෂ් ක්‍රමයට මුදල් ලබාගෙන ගම්පොළ, නාවලපිටිය ප්‍රදේශවල යතුරු පැදියකින් අයිස් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් නාවලපිටිය දොලොස්භාග මාර්ගයේ පිහිටි පැරණි දුම්රිය නිල නිවස අසළ ඇසුරුම් කරන ලද අයිස් පැකට් තබා සිට ඇති බව සඳහන්.

සැකකරුවන් පරීක්ෂා කිරීමේදී ඇසුරුම් කරන ලද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 52ක් (ග්‍රෑම් 35ක්) සොයාගෙන ඇති අතර, එම පැකට්වලින් කිහිපයක් සැකකාර කාන්තාවගේ යට ඇදුම්වල සඟවා තිබී සොයාගෙන ඇත.

සැකකාර අඹුසැමි යුවළ ගම්පොළ කිරපන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 හා 27 වයස්වල පසුවන්නන්ය.

ඔවුන් 'ඩුබායි තාරු' නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඊසි කෑෂ් ක්‍රමයට මෙම බෙදාහැරීම් සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post