නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගේ සැමියා වන වෙනුර රොඩ්රිගෝ විසින් සිදුකළ මෝටර් රථ අනතුරකින් ගැබිනි කාන්තාවක් බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ. මෙම අනතුර පසුගිය හයවැනිදා කැලණිය, වේවැල්දූව පාරේ ක්‍රිස්තියානි පල්ලිය ආසන්නයේදී සිදුවී තිබේ.අනතුර සිදුවන අවස්ථාවේදී රොඩ්රිගෝ අධික ලෙස බීමතින් සිටි බවත්, ඔහුගේ BMW රථය වේගය පාලනය කරගත නොහැකිව Aqua වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවූ බවත් පොලීසිය පවසයි.
අනතුරෙන් තුවාල ලැබූ 28 හැවිරිදි අනුරාධා දිල්රුක්ෂි පෙරේරා නැමැති ගැබිනි කාන්තාව සහ ඇගේ සැමියා අනතුර සිදුවන අවස්ථාවේ Aqua රථයේ ගමන් කරමින් සිට ඇත. අනතුරින් කම්පනයට පත්වූ ඇය මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇගේ සැමියාද රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
අනතුර සිදුවීමෙන් පසු එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ කළ වෙනුර රොඩ්රිගෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කෙසේ වෙතත්, ඔහු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර, නවවැනිදා (අද) මහර අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.
Redirecting in a moment...
Tags:
News