බල්ලකෙටුව නමුණුකුල මාර්ගයේ හිඳගල තේ වත්තේ දර මඩුව නැමැති ස්ථානයට පහලින් තිබි පිලිස්සී මියගිය අයෙකුගේ මළ සිරුරක් අද (1) දින හමුවු බව බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පැවසීය.
උදැසන හිඳගල වතුයායට අයත් එස් – 5 කොටසේ වැඩට ගිය පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක ඒ පිළිබඳව බල්ලකෙටුව පොලිසිය දැනුවත් කර ඇති බවද පොලිසිය පවසයි.
ඒ අනුව අදාල මළ සිරුර තිබු ස්ථානයට ගිය බල්ලකෙටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් සිදුකල පරික්ෂා වේදි මෙම මළ සිරුර කාන්තාවකගේ බවට විශ්වාස කරන අතර එය හදුනා ගැනිමට නොහැකි තරමට දැඩි ලෙස පිලිස්සී ඇති බවද පොලිසිය පැවසීය.
ඒ අනුව බණ්ඩාරවෙළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට ඉදිරි විමර්ශන සිදුකිරිමට කටයුතු කරන බව බල්ලකෙටුව පොලිසිය සඳහන් කළේය.
✅✅✅✅✅✅
Redirecting in a moment...
Tags:
News