දුව හෙල්මට් දාලා හිටියේ නෑ..අනතුරින් මියගිය තරුණියගේ මරණ පරී­ක්ෂ­ණයේ දී ඇගේ පියා කී කතාව


 දුව හෙල්මට් දාලා හිටියේ නෑ. ත්‍රිරෝද රථ­යක් අපේ ඉස්ස­ර­හට ආවා. ඒක පසු­ප­සින් ආපු වෑන් රථ­යක් එක­පා­ර­ටම ත්‍රිරෝද රථය පසු­ක­රන්න පාරේ දකුණු පැත්තට ගත්තා. අපි ගියපු යතු­රු­පැ­දිය ඒ වෑන් එකේ ඉස්ස­රහා දකුණු පැත්තේ වැදිලා අපි දෙන්නා විසි වුණා. සිහිය එන­කො­ටට මම හිටියේ ඉස්පි­රි­තාලේ.” යැයි බඳ­ගි­රියේ දී සිදු වූ රිය අන­තු­ර­කින් මිය­ගිය විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍යා­ව­කගේ මරණ පරී­ක්ෂ­ණයේ දී සාක්කි දුන් ඇගේ පියා කීවේය.

මෙලෙස මිය­ගොස් ඇත්තේ හේවා කොකා­ව­ලගේ නෙත්මි ප්‍රබෝධා නමැති බඳ­ගි­රිය, කෑලි­ය­ව­ලාන ප්‍රදේ­ශයේ පදිංචි 22 හැවි­රිදි තරු­ණි­යකි.

ඇගේ මර­ණය සම්බන්ධ හදිසි මරණ පරී­ක්ෂ­ණය පසු­ගිය 08 වැනිදා ගාල්ල ජාතික රෝහලේ දී හදිසි මරණ පරී­ක්ෂක චන්ද්‍ර­සේන ලොකුගේ මහතා විසින් පව­ත්වන ලදි.

තරු­ණි­යගේ පියා­වන හේවා කොකා­ව­ලගේ නන්ද තිල­ක­සිරි සමන් ශ්‍රියන්ත (57) සාක්ෂි දෙමින් මෙසේ ද කීවේය.

“අගෝස්තු 29 වැනිදා දුව කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ඉඳලා ගෙදර එන්න ආවා. හව­සට අපේ පාරේ බස් නැති නිසා මම දුව ගන්න කියලා යතු­රු­පැ­දි­යෙන් පල්ල­ම­ලල හන්දි­යට ගියා. දුව ගන්න විට සවස 6.30 පමණ වුණා. එයත් අර­ගෙන පල්ල­ම­ලල හන්දියේ සිට බඳ­ගි­රිය දෙසට කිලෝ මීටර 3ක් විතර එන අතර වක්කා­රිය හන්දිය අසල දී බඳ­ගි­රිය පැත්තේ ඉඳලා ත්‍රිරෝද රථ­යක් ආවා. එය පිටු­ප­සින් ආපු වෑන් රථ­යක් ත්‍රිරෝද රථය පසු­කර යාමට පාරේ දකුණු පැත්තට ගත්තා. මගේ යතුරු පැදිය වෑන් රථයේ ඉදි­රි­පස දකුණු පැත්තේ ගැටුණා. ඒ සම­ඟම මමත් දුවත් පාරේ අයි­නට පෙර­ළුණා. මට සිහිය නැති වුණා. මම ඊට පසු සිදුවූ කිසි දෙයක් දන්නේ නෑ, මට සිහිය එන­කොට හිටියේ හම්බ­න්තොට රෝහලේ. මගේ දකුණු කකු­ලත්, දකුණු අතත් තුවාල වෙලා තිබුණා. දුවගේ ඔළු­වෙන් ලේ ගැලුවා. දුව හෙල්මට් දාලා හිටියේ නෑ. එදාම රෑ දුව ගාල්ල ජාතික රෝහ­ලට යැව්වා මම දුව බලන්න ආවේ පසු­ගිය 05 වැනිදා එත­කොට දුවගේ හිසට සැත්ක­මක් කරලා සිහිය තිබුණේ නෑ. දැඩි සත්කාර ඒක­කයේ හිටියේ. 08 වැනිදා දුව මිය­ගියා.”

මිය­ගිය තරු­ණි­යගේ මව විජ­මුණි දුරගේ අනුලා (53) මහ­ත්මිය සාක්කි දෙමින් මෙසේ කීවාය.

“දුවත් මහ­ත්ත­යාත් අන­තු­ර­කට ලක්වෙලා කියලා ඒ වෙලා­වේම අපිට පණි­වි­ඩය ලැබුණා. පුතා ඉක්ම­නට එත­නට ගියා. මම දුවගේ දුර­ක­ත­න­යට ඇම­තුම් ගත්තත් එයා කතා කළේ නෑ. එතන හිටපු අය ගෙද­රට ආවා. තාත්තයි දුවයි දෙන්නම රෝහ­ලට ගෙන ගියා කිව්වා. මම ඉක්ම­නට අවශ්‍ය බඩු අර­ගෙන රෝහ­ලට ගියා. මහ­ත්තයා කතා කළා. දුවට සිහිය තිබුණේ නෑ. එයාගේ නාහෙන් කටින් ලේ ඇවිත් තිබුණා. එදාම රෑ දුව ගාල්ල ජාතික රෝහ­ලට ගෙන ගියා. මමත් දුව සමඟ ගියා. ගාල්ලේ දී හිසේ සැත්ක­මක් කරලා දැඩි සත්කාර ඒක­ක­යට දැම්මා. අට­වැ­නිදා අලු­යම දුව මිය­ගියා.”

මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු­කළ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය ඩී.ඩී. සම­ර­වීර මහ­තාගේ වාර්තාව සහ ඉදි­රි­පත් වූ සාක්ෂි සලකා බැලූ හදිසි මරණ පරී­ක්ෂක චන්ද්‍ර­සේන ලොකුගේ මහතා මර­ණය සිදු­වූයේ රිය අන­තුර හේතු­වෙන් හිසට සහ මොළ­යට සිදු වූ තුවාල නිසා යැයි තීර­ණය කළේය.

කරා­පි­ටිය සමූහ – එස්. ලොකු­ක­ර­විට


✅✅✅✅✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post