පසුගිය කාලසීමාවට සාපේක්ෂව මේ වන විට වෙළදපොලේ එළවලු තොග මිල සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබෙනවා.
දෛනිකව ලැබෙන එළවළු තොග ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල පහත බැස ඇති බවයි දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සදහන් කළේ.
මේ අනුව කැරට්, බෝංචි, වට්ටක්කා, ගෝවා, තක්කාලි, රතු අල, ලීක්ස්, රාබු ආදී එළවලු රැසක මිල පහත බැස තිබෙනවා.
එමෙන්ම වෙළදපොලේ වට්ටක්කා කිලෝවක් රුපියල් 60 ක් දක්වා පහළ බැස ඇති බවයි වෙළදපොල වාර්තා සදහන් කළේ.
2025/09/29 දින සටහන් වූ එළවලු මිල
Redirecting in a moment...
Tags:
News

