මාළිගාවත්ත වෙඩිතැබීමේ යතුරුපැදිකරු අත්අඩංගුවට


 කොළඹ මරදාන පංචිකාවත්ත ප්‍රදේශයේදී අද අලුයම සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ යතුරුපැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් පසු විනාඩි කිහිපයක් ඇතුළත අදාළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට මෝදර පොලීසිය සමත් වූ බවය.

අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාවත්ත බෝධිරාජා මාවත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු වන අතර ඔහු කෙසෙල්වත්ත කවී නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවද පොලීසිය පවසයි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් පණිවිඩ නිකුත් වීමත් සමග මෝදර පොලීසියේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු විසින් රාත්‍රි යතුරුපැදි රාජකාරියේ නිරතව සිටියදී තවත් පොලිස් නිලධාරියෙකු එක් කරගනිමින් පලා යමින් සිටි යතුරුපැදිකරු වටකර තිබේ.

එහිදී අදාළ යතුරුපැදිකරුගේ යතුරුපැදිය මාර්ගයේ පෙරලීමත් සමග සැකකරු විසින් කිඹුලා ඇල වත්ත ප්‍රදේශයට පළා ගොස් තිබුණි.

එහිදී අදාළ පොලිස් නිලධාරීන් තිදෙනා එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එහිදී සැඟව සිටි සැකකරු ඉන් මිදී මාර්ගයට පැමිණ ත්‍රිරෝද රථයක නැගී පළා ගොස් තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ අදාළ පොලිස් සැරයන්වරුන් විසින් මාදම්පිටිය පොලීසියේ ජංගම සංචාරක ජීප් රථයක නිලධාරියෙකුගේ සහාය ඇතිව අදාළ ත්‍රීරෝද රථය නවතා සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී  වෙඩික්කරු ලෙස කටයුතු කළ පුද්ගලයාව සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල් වත්ත කවිගේ උපදෙස් මත කෙසෙල් වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියට නංවා ගත් බවත් වෙඩි තැබීමෙන් අනතුරුව පිටකොටුව කැලෑපොළ අසලින් බැස්සූ බවත් ඔහු පිළිබඳ තොරතුරක් නොදන්නා බවත් ප්‍රකාශ කර තිබේ.


✅✅✅✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post