බස් රථයෙන් ඇදවැටී තරුණයෙකු මරුට


 බස් රථයකින් ඇදවැටී තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ (18) රාත්‍රී කාලයේ කිලිනොච්චිය පොලිස් වසමේ උරුත්තිපුරම් මාර්ගයේ 8 ඇල ප්‍රදේශයේදී අරවියර් නගර් දෙස සිට උරුත්තිපුරම් දෙසට ධාවනය වූ බස් රථයකින් මගියෙකු ඇද වැටී ඇති බවය.

අනතුරින් තුවාල ලැබූ මගියා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක් වූ උරිත්තිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘතශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. 

ඇගළුම් ආයතනයක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයකින් ඇද වැටී මෙම අනතුර සිදුවී ඇති අතර බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.



✅✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post