ශිරන්තිගෙන් මාධ්‍යයට ප්‍රකාශයක්


 (අංජුල මහික වීරරත්න)


ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම නිවසින් අද පිටත්ව යන මොහොතේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය මාධ්‍යයට වචන කිහිපයක ප්‍රකාශයක් කළාය.


රාජපක්ෂ මහත්මිය එම ප්‍රකාශය කරන ලද්දේ මාධ්‍ය විසින් කළ ප්‍රශ්න කිරීම් වලට ප්‍රතිචාර වශයෙනි.


මාධ්‍ය සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අතර ඇති වූ සංවාදය මෙසේය.


ප්‍රශ්නය:-


මැඩම් මාධ්‍යයට වචනයක් කියන්න


පිළිතුර:-


මම සාමාන්‍යයෙන් කතා කරන්නේ නෑනේ.මම දේශපාලනය කරන්නේ නෑනේ.වැඩ කරනවා විතරයි. කතාව නෑ මගේ.


ප්‍රශ්නය:-


ආණ්ඩුව ගැන මොකක්ද කියන්න තියෙන්නේ.


පිළිතුර:-


ඒවා ගැන මම මොකුත් කියන්නේ නෑ.මම දේශපාලනය කරන්නේ නෑනේ.


ප්‍රශ්නය:-


මැඩම් දුකින්ද ඉන්නේ?


පිළිතුර:-


නෑ යනුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය පිළිතුරු දුන්නාය.


(ඡායාරූපය: ළහිරු හර්ෂණ)

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post