ලොකු කුඩා හැමෝම බිත්තර තමාගේ ආහාරවේලට එකතු කරගන්න දැඩි කැමැත්තක් දක්වනවා. බිත්තර කියන්නේ ඉතාමත් පෝෂ්‍යදායි මෙන්ම ප්‍රනීත ආහාරයක්.ඒ වගේම තමයි අනිත් ප්‍රෝටීන් ප්‍රභවයන්ට වඩා ඉතාමත්ම අඩු කාලයකින් පිළියෙළ කර ගත හැකි නිසා ගෘහණියන් අතර ඉතාමත්ම ජනප්‍රියයි.
හැමෝම බිත්තර වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගත්ත ද ඒවා අසුරා තැබීමේ නිසි පිළිවෙල ගැන බොහෝ අයට දැනුමක් ඇත්තේ නෑ. බිත්තර අසුරා තබන ස්ථානය පිළිබඳ අපි එතරම් අවධානය යොමු නොකළත් ඒවා නිසිතැන නිසි තත්ත්ව යටතේ ඇසුරුම් නොකළොත් ඇතැම්විට සෞඛ්‍යමය අතින් හානිදායක වීමේ හැකියාවක් ද පවතිනවා.
අමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය ආදී රටවල් බොහෝදුරට බිත්තර ඇසුරා තැබීම සඳහා ශීතකරණ භාවිතා කරනු ලබනවා. නමුත් ඇතැම් රටවල් සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ බිත්තර අසුරා තබා ගනු ලබනවා.

අපි හැමදෙනාම දන්නා පරිදි බිත්තර ආහාරයට එකතු කර ගැනීමේදි ප්‍රධාන තර්ජන ඇතිවන්නේ සැල්මොනෙල්ලා නැමැති බැක්ටීරියාවෙන්. ඇතැම් වෛද්‍ය පර්යේෂකයන් විසින් මත පළ කර ඇත්තේ, යම් ලෙසකින් සැල්මොනෙල්ලා බැක්ටිරියාව බිත්තර කටුව අවට තැන්පත් වී තිබුණොත් ශීතකරණය නොවූ පරිසරයකට වඩා ශීතකරණයට ලක් වූ පරිසරයක් තුළ හොඳින් වර්ධනය වන බවයි.
නමුත් සැපයුම්කරුවාගේ සිට වෙළඳපල දක්වා බිත්තර ප්‍රවාහනය වන අතරතුර සැල්මොනෙල්ලා බැක්ටීරියාවට විරුද්ධව සිදුවන පිරිසුදු කරන ක්‍රියාවලි හරහා ඒවා බිත්තර තුළින් ඉවත්වන බවයි, ඇමරිකානු රටවල මතය වී ඇත්තේ. යුරෝපීයන් බිත්තර ලබා ගැනීමේදී සැල්මොනෙල්ලා බැක්ටීරියාවට එරෙහිව සිදුකරන කුකුලන් එන්නත් කිරිමේ වැඩ පිළිවෙල නිසා එසේ බිය වීම අනවශ්‍ය බවත් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
✅✅✅✅✅✅
