පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනපති ප්‍රධානත්වයෙන්


 පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෙලෙස පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්වන්නේ වසර 60කට පසුවීම විශේෂත්වයකි.

මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 424ක් වේ.

අදාළ නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතය.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරයි.

මේ අතර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක සිහින ගමනාන්තය වැඩසටහනට අනුව කොළඹ, මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ කිරීමට නියමිතව ඇත.

එහිදී දුම්රිය ස්ථානයේ පවතින ඓතිහාසික ස්වභාවයට හානියක් නොවන අයුරින් හා පැරණි ස්වභාවය රැකෙන ලෙස අලුත්වැඩියාව සිදුකිරීමට නියමිත බව සඳහන් වේ.







✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post