බෝ ගසට නැග බිමට පැන තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටී රැඳවියෙකු මරුට


 කළුතර බන්ධනාගාරයේ බෝ ගසට නැග බිමට පැන තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටී රැඳවියෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී සම්පත් මෙන්ඩිස් නමැති රැඳවියෙකු බව සඳහන් ය.

මියගොස් ඇති රැඳවියා මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටියදී ඉකුත් ජුලි 21 වනදා මෙලෙස බන්ධනාගාර පරිශ්‍රයේ ඇති බෝ ගසට නැඟ ඉන් බිමට පැන තිබුණි.

ඒ අනුව ඔහුව ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබූ අතර සුවවීමෙන් පසු නැවත බන්ධනාගාරගත කර තිබුණි.

කෙසේවෙතත් අදාළ රැඳවියාගේ රෝගී තත්ත්වය නැවත උත්සන්නවීමෙන් යළිත් රෝහල්ගත කර තිබෙන අතර ඊයේ (15) රාත්‍රියේ රැඳවියා මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


✅✅✅✅✅✅

Auto Redirect Page

Redirecting in a moment...

Post a Comment

Previous Post Next Post