ඇගේ විවාහය ඇයට මොන තරම් සුවිශේෂී ඇතිද..?
කේ.සුජීවා, ගායන ලෝකයේ කවුරුත් ආදරය කරන ඇය හරිම ආදරණීය අම්මා කෙනෙක්.
ජීවිතයේ ඇයට මොන ප්‍රශ්න බාධා එල්ල වුණත් අම්මා කියන භූමිකාව ඇතුළේ ඇය නොසැලෙන චරිතයක්. සුජීවාගේ ආදරණීය ලොකු දියණිය අංජලී පසුගිය දවසක විවාහපත් වෙනවා. ඇගේ අත ගත්ත ආදරණීය සැමියා වුණේ දිනිතයි.
ඇත්තටම අංජලී හරි වාසනාවන්ත දියණියක්. මේ ලෝකේ කවුරු ඇය ළඟ සිටියත් නැතත්, අම්මා කියන්නේ ඇගේ ජීවිතයෙන් ඉවත්ව යන්නේ නැති සෙවනැල්ලක් වගේ ඇයට ශක්තිය ලබාදෙන කාන්තාවක්.
ඇත්තටම අංජලී හරි වාසනාවන්ත දියණියක්. මේ ලෝකේ කවුරු ඇය ළඟ සිටියත් නැතත්, අම්මා කියන්නේ ඇගේ ජීවිතයෙන් ඉවත්ව යන්නේ නැති සෙවනැල්ලක් වගේ ඇයට ශක්තිය ලබාදෙන කාන්තාවක්.
සුජීවා මුලින්ම මව් පදවිය ලබන්නේ ඉතා පොඩි වයසකින්. දරුවෙකුගේ වගකීම් ගැන හරිහැටි නොතේරෙන වයසක ඇයට ඇත්තටම අංජලීව ලැබීමම අභියෝගයක්.
එදා ඉඳන් අද වෙනකල් ඇයව ආදරෙන් බලාගත්ත මේ පුංචි කෙල්ල අද ලස්සන මනාලියක් වෙලා. ඒ දවස ගැන සුජීවට දැනෙන සතුට ඇය වචනවලට පෙරළුවේ මෙන්න මෙහෙමයි.
"අංජලීව මං හැදුවේ හරි අමාරුවෙන්, ඒ කියන්නේ මම දරුවෙක් හදන්න දන්නේ නැති කාලේ.. අද දවස බොහෝම විශේෂයි. කැන්ඩියන් එකක් ඇඳලා බ්‍රයිඩ් කෙනෙක් වෙලා ඉන්නවා දකිද්දී හිතෙනවා මේ ළමයා ලොකුයි දැන් කියලා.. මෙතනින් එහාටත් මට හිතෙන්නේ නැ වෙනසක් වෙයි කියලා. එහා හැමදාම මාත් එක්ක ඉඳිවි.."
Redirecting in a moment...
Tags:
News





